0
Horticulture

රූටින් හෝර්මෝන

මල් අතු පැල කරවාගැනීම අසීරුද🙁?
මල් වවන අයට බහුලව මුහුණපෑමට සිදුවන තවත් එක් ගැටළුවක් තමයි සමහර මල් අතු කොයි විදියට පසේ හිටෙව්වත් මුල් ඇදීම සිදුවෙන්නෙ නැහැ. ඒ වගේම මුල් අද්දවා ගන්න හරිම අමාරුයි. බොහෝවිට මේ මල් අතු මුල් අදින්න ගොඩක් කාලයක් ගන්නවා. සමහරවිට ඒවා පැලවෙන්නෙත් නැහැ.සමහර විටපැලවී මැරී යනවා.
එයට විසඳුමක් ලෙස රූටින් හෝර්මෝන භාවිතය සිදුකල හැකියි. මේ ක්‍රමය මේ වන විටත් ඔබ බොහොමයක් දෙනා දන්න කරුණක්.හැබැයි අතලොස්සක් දෙනා නොදන්නවා විය හැකියි.ඒ නිසා අද අපි ඒ ගැන බලමු.😊
රූටින් හෝර්මෝන ප්‍රධාන වර්ග දෙකක් වෙලෙඳපොලෙන් ලබාගත හැකියි.එනම්,• පවුඩර්• ජෙල් යන ආකාරයන්ගෙන්
විවිධ වෙලෙඳ නාම වලින් ලබාගන්න පුළුවන්. අපි බලමු කොහොමද මේ පවුඩර් එක සහ ජෙල් එක ඇප්ලයි කරන්නෙ කියලා. 
• රූටින් පවුඩර් හෝමෝනය:    (1 රූපය )
 පලමුව හෝර්මෝන අඩංගු කුඩා බෝතලයේ පියන විවෘත කරගෙන ඉන් පසු එහි සීල් කර ඇති ආවරණය සෙමින් ඉවත් කරන්න. පසුව පැල කීරීම සඳහා තෝරාගත් දඬුවල පසට යටකර සිටුවන කොටස මෙම පවුඩර් එක මත ගිල්වා  ( 2 රූපය ) ඉන් පසුව එය පිටතට ගෙන පසට යටකර සිටුවාගත හැක. එමඟින් කෙටි කාල පරාසයක් තුළ එම මල් අතු සහ දඬු කැබලි ප්‍රරෝහනය කරගත හැකිවේ. 
ඊලඟට අපි බලමු ජෙල් එක කොහොමද ඇප්ලයි කරන්නෙ කියලා.
• රූටින් ජෙල් හෝමෝනය:      ( 3 රූපය , 4 රූපය )
පලමුව ජෙල් එක අඩංගු කුඩා බෝතලයේ පියන විවෘත කර පසුව සීල්කර ඇති ආවරණය සෙමින් විවෘත කරගන්න. ඊට පසු පැල කිරීමට අවශ්‍ය අතු කැබැල්ලේ දණ්ඩේ පසට යටකර සිටුවන කැපුම් කෙලවර ජෙල් එක තුළ ගිල්වා පසුව එය පිටතට ගෙන ඉන්පසු පසට යටකර සිටුවීම සිදුකල හැකිය. එමඟින් කෙටි කාල පරාසයක් තුළ මුල් අද්දවා ගැනීමට අසීරු සහ මුල් ඇදීම ප්‍රමාදවන මල් අතු පහසුවෙන් මුල් අද්දවාගත හැකියි. 
– අවසානයේ අවශ්‍යනම් සුදුසු දිලීර නාශක ස්ප්‍රේ කිරීම සිදුකල හැකි නමුත් එය මෙහිදී අනිවාර්ය නොවන බව මතක තබාගන්න. 
– පසුව රෝපණය කල මාධ්‍ය රෝපණය වනතුරු ප්‍රොපගේටරයක තබා ගැනීම සිදුකල හැකියි. 
– එමෙන්ම දඬු සහ මල් අතු තෝරා ගැනීමේදී දිග අඟල් 4ත් 6ත් පමණ දඬු කැබලි තෝරා ගන්න.
– පසුව පසට යටකර සිටුවන කෙලවර අංශක 45 ක් පමණ ඇලයක් සිටින සේ කපාගැනීම ඉතා යෝග්‍යවේ. 
– ඉන්පසු හෝර්මෝන ගැලවීමට පෙර දඬුවල එම කැපුම් කෙලවර ජලයේ ගිල්වා හෝ තෙත රෙදි කඩක ඔතා තැබීම සිදුකර පසුව රෙදිකඩ ඉවත්කර ඉහත හෝර්මෝන ගැල්වීම සිදු කිරීමෙන් ඉහළ ප්‍රතිඵල ලබාගත හැකිය.
ඔන්න එහෙනම් මෙච්චර දවසක් මල් අතු හිටවා ගැනීම වෙහෙසකර වූ අය මේ ක්‍රමයත් උත්සහ කරලා බලන්නකෝ..😃

You Might Also Like...

Shopping cart0
There are no products in the cart!
Continue shopping
0